සාමයට පියමං -
ඇතුළත් පාලනය සහ
සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම
සාමයට පියමං -
ඇතුළත් පාලනය සහ
සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම

සාමයට පියමං ශ්‍රී ලංකාවේ ආගමික, ජාතික සහ භාෂාමය ප්‍රජාවන් අතර සහ ඒවා ඇතුලත, විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා, සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනී.

මෙම අරමුණු සාක්ෂාත් කර ගනු වස් මෙම ව්‍යාපෘතිය සියල්ලන් ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීමට, රජයේ අදාළ ආයතනවලට සහය වෙයි. එමෙන්ම රටේ පළමුවන කාන්තාව, සාමය හා ආරක්ෂාව (WPS) සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මේ, භාෂා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී සේවා, සහ සමාජ ඒකාබද්ධතාවය යන ක්ෂේත්‍රවලට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට සහය වෙයි. එමෙන්ම සාමයට පියමං WPS (කාන්තාව, සාමය හා ආරක්ෂාව) න්‍යාය පත්‍රය, ඇතුළත් පාලනය සහ සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ ඒ වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා කාන්තා අයිතිවාසිකම් සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවලට සහය වෙයි.

ප්‍රධාන තේමා

ඇතුළත් පාලනය

සියල්ලන් ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම

කාන්තාව, සාමය හා ආරක්ෂාව

ගැටුම්, අස්ථාවරත්වය සහ අනාරක්ෂිතභාවයට ප්‍රතිචාර දැක්වීමේ දී කාන්තා නායකත්වය සහ සහභාගීත්වය වැඩිකිරීම

සවිබල ගැන්වූ ප්‍රජාවන්

ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ප්‍රජාව ශක්තිමත් කිරීම

IFF අරමුදල
(සියල්ලන් ඇතුළත් අනාගතයක් සඳහා වූ අරමුදල)

සාමයට පියමං මගින් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන (CSOs) වෙනින් ශ්‍රී ලංකාවේ සියළු පාර්ශවයන් ආවරණය වන ඇතුළත් පාලනයක් සහ සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපෘති වල අරමුදලෙහි අරමුණ වන්නේ, සිවිල් සමාජය, ප්‍රජාවන් සහ පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන් ගැහැණු ළමුන් සහ LGBTQI+ පුද්ගලයින් - කාන්තාවන් හා ගැහණු ළමුන්ට; LGBTQI+ පුද්ගලයන්ට; ආගමික, ජාතික සහ භාෂාමය වශයෙන් සුළුතර පිරිස් හට සහ ආබාධ සහිත පුද්ගලයන්ට ඇතුළත්, සාධාරණ සහ වගකිව යුතු රාජ්‍ය සේවා ඉල්ලා සිටීමට සවි බල ගැන්වීමයි

කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල
(Women, Peace and Security Fund - WPS අරමුදල)

සාමයට පියමං විසින්, ශ්‍රී ලංකාවේ කාන්තාව සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ව්‍යාප්ත කිරීමට උපකාරී වන ව්‍යාපෘති සඳහා සංකල්ප පත්‍ර යොමු කිරීමට, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සංවිධාන වෙත ආරාධනා කර සිටියි.

alinea

වෙනස්වන ලෝකයකට නව අදහස්

සාමයට පියමං ව්‍යාපෘතියට කැනඩා රජය අරමුදල් සපයන අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇලීනියා ඉන්ටනැශනල් විසිනි. ඇලීනියා යනු ජාත්‍යන්තර සංවර්ධන උපදේශන ආයතනයක් වන අතර එහි නමෙහි අර්ථය වන්නේ "නව අදහස්" යනුයි. මේ අනුව, අපගේ අභ්‍යන්තර තාක්ෂණික විශේෂඥයන් කණ්ඩායම විසින් ලෝකයේ වෙනස්වන අභියෝගවලට මුහුණ දීම සඳහා බුද්ධිමත් විසඳුම් සැලසුම් කිරීමද, නිර්මාණය කිරීමද, ක්‍රියාත්මක කිරීමද සිදුවේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සමඟ අනුකූල වේ

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය

අසමානතා අඩු කිරීම

සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන