සමාජ සුබසාධක පදනම

තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම

E-Wings Independent Center for Empowering Women and Children

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ප්‍රජාවන් සහ සියලු‍දෙනා ඇතුළත් පාලනය ගොඩනැගීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) සඳහා යොමු කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී අයවැය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රවර්ධනය කිරීම

කාන්තා හා සංවර්ධන මධ්‍යස්ථානය

යාපනය දිස්ත්‍රික්කය තුළ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්ට විසඳුම් සෙවීම.

කාන්තාවන් වෙනුවෙන් අපි

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී සේවාවන් හා ඒකාබද්ධ වැළැක්වීම් ක්‍්‍රියාමාර්ග වෙත ප‍්‍රවේශය ප‍්‍රවර්ධනය කිරීම

වන්නිමන් නටිපන් මන්ට්‍රම්

උතුරු පළාතේ වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ තාක්ෂණය මගින් සිදුකරන ඩිජිටල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක සේවාවන් සහ මනෝ-සමාජීය සහය ලබා ගැනීමට කාන්තාවන්ට ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීම

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

විළුතු- හැකියා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය

WPS (කාන්තා, සාමය හා ආරක්ෂාව) ක‍්‍රියාවලීන් තුළ කාන්තාවන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, කාන්තාවන්ගේ ඇතුළත් කිරීම සහ සහභාගී වීම වැඩිදියුණු කරන අර්ථවත් ක‍්‍රියාවලීන් ශක්තිමත් කිරීම (EMPOWER ව්‍යාපෘතිය)