ළමා සංවර්ධන අරමුදල (CDF)

ත‍්‍රිකුණාමලය නගර හා කඩවත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මහ රෝහලේ සියල්ල ඇතුළත් රජයේ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සහ ඒ සඳහා උද්දේශනය

සමස්ත අරමුණ

ත‍්‍රිකුණාමලය නගර හා කඩවත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මහ රෝහලේ ඵලදායී සේවා සැපයීම සඳහා සහය දෙන අතර, මූලික අයිතිවාසිකම් පිළිබඳව දැනුම ප‍්‍රවර්ධනය මඟින් විවිධ ජන කොටස් සවිබල ගැන්වීමෙන් සියල්ල ඇතුළත් සේවාවන් සැපයීම සඳහා පරිසරයක් නිර්මාණය කිරීම.

අපේක්ෂිත ප‍්‍රතිඵල

විවිධ කණ්ඩායම්/පුද්ගලයින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ.

තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම.

ඉලක්කගත ආයතන වලට ඇතුළත් සේවාවන් සැපයීම සඳහා සහාය වීම.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳ විවිධ කණ්ඩායම් වල දැනුවත්භාවය පුළුල් කිරීම සහ/හෝ ඉලක්කගත ආයතන පිහිටා ඇති ප‍්‍රජාවන් තුළ ක‍්‍රියාත්මක කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

ඉලක්කගත ප‍්‍රදේශ

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය

අපේක්ෂිත ප‍්‍රතිඵල

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න