ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

ස්ත්‍රීපුරුෂ සමාජභාවය සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාවය පිළිබඳ මූලික සංකල්ප සම්බන්ධයෙන් දැනුම ප්‍රබෝධමත් කරන අන්තර්ක්‍රියාකාරී සැසියක් සමගින් මෙම දෙදින වැඩමුළුව ආරම්භ විය. GBA+ පිළිබඳ ප්‍රධාන සැසිය තිලිණි ද අල්විස් (සාමයට පියමං ආයතනයේ ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතා සහ ඇතුළත්කරණ කළමනාකාර) විසින් මෙහෙයවන ලද අතර වී. වීරසිංහම් (උපදේශක - ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥ) විසින් ඒ සඳහා සම-පහසුකම් සපයන ලදී. GBA Plus යනු ප්‍රතිචාරාත්මක සහ ඇතුළත් මැදිහත්වීම් සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා භාවිතා කරන විශ්ලේෂණාත්මක මෙවලමකි.

කැනඩාවේ, GBA Plus ඵලදායී සහ ඇතුළත් ප්‍රතිපත්ති, වැඩසටහන් සහ නීති සම්පාදනය සංවර්ධනය කිරීමට සහාය වන ප්‍රධාන අංගයක් ලෙස පිළිගැනේ. 1995 සිට, ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාවය සඳහා කැනඩාවේ කැපවීමේ කොටසක් ලෙස, GBA Plus කැනඩා රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට ඒකාබද්ධ අංගයක් වශයෙන් පරිණාමය වී ඇත. ප්‍රතිචාරාත්මක සහ ඇතුළත් සේවාවන් සැලසුම් කිරීමට පහසුකම් සපයන, හැඩගස්වා ගත හැකි මෙවලමක් වන GBA Plus සඳහා, සංවර්ධනයේදී ස්ත්‍රීපුරුෂ සමාජභාවය සහ විවිධත්වයට සංවේදී ප්‍රවේශයක් ගැනීම ඇතුළත් වේ. එය, යම් මුලපිරීමක් මගින් විසඳන ගැටලුව හෝ අවස්ථාවෙන් බලපෑමට ලක්වන්නේ කවුරුන්ද යන්න තේරුම් ගැනීමේ ක්‍රියාවලියකි. මෙම විශ්ලේෂණාත්මක ක්‍රියාවලිය භාවිතා කිරීම මඟින් IFF හවුල්කරුවන්ට ඔවුන් සේවය කරන ප්‍රජාවන්ගේ විවිධත්වය සැලකිල්ලට ගනිමින් නිවැරදි ප්‍රශ්න ඇසීමට, උපකල්පනවලට අභියෝග කිරීමට සහ වියහැකි බලපෑම් හඳුනා ගැනීමට බලය ලැබෙනු ඇතැයි සාමයට පියමං ආයතනය විශ්වාස කරයි.

සියිරීනී සිරිවර්ධන විසින් මෙහෙයවන ලද සහ වී වීරසිංහම් විසින් සම-මෙහෙයවන ලද ආරක්ෂිත උද්දේශනය පිළිබඳ දෙවන දින සැසිය, ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අවදානම් සහ අනුගමනය කරන අවම කිරීමේ උපාය මාර්ග පිළිබඳව IFF හවුල්කරුවන් අතර විවෘත හා අවංක සාකච්ඡාවකට මඟ පෑදීය. ආරක්ෂිත උද්දේශනය තුළ "කිසිදු හානියක් නොකිරීමේ" මූලධර්මයට ප්‍රමුඛත්වය දෙමින්, උද්දේශකයින්, පුද්ගලයින් සහ ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව ආරක්ෂා කරන පිළිවෙත් ප්‍රවර්ධනය කරයි.

ආරක්ෂිත උද්දේශනය පිළිබඳ පුහුණුව, උද්දේශන කටයුතුවල නියැලීමේදී ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සලකා බැලීමට IFF හවුල්කරුවන් සන්නද්ධ කළේය. ඔවුන්ගේම උද්දේශන සැලසුම් සංවර්ධනය කර ඉදිරිපත් කිරීමට එහිදී ඔවුන් දිරිමත් කරන ලදී. IFF හවුල්කරුවන් විසින් අවදානම් කළමනාකරණය කරන, අනපේක්ෂිත ඍණාත්මක ප්‍රතිවිපාක අවම කරන සහ බල සබඳතා ආමන්ත්‍රණය කරන උපාය මාර්ග සැලසුම් කර ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගවේෂණය කිරීමට මෙය හේතු විය. IFF හවුල්කරුවන්ට ඔවුන්ගේ උපදේශන සැලසුම් බෙදා ගැනීමට සවස් වරුවේ සැසිය මිඩංගු කරන ලදී.

දෙදින වැඩමුළුවේ සමාප්ති සැසිය වූ උපායමාර්ගික සැසිය IFF හවුල්කරුවන්ට ඔවුන්ගේ ජාලකරණය ශක්තිමත් කර උපදේශනය සඳහා සම්පත් රැස් කළ හැකි ආකාරය ගවේෂණය කිරීමට අභියෝග කළේය. අවදානම් අවම කරමින් වෙනසක් වෙනුවෙන් පෙනී සිටීමට සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ආකාරය ගවේෂණය කිරීමට මෙය ඔවුන්ට සංසදයක් නිර්මාණය කළේය. තම IFF හවුල්කරුවන්ගේ ධාරිතා වර්ධනය කිරීම, ඇතුළත් පාලනය හා සමාජ ඒකාබද්ධතාවය සඳහා සිවිල් සමාජයේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මැදිහත්වීම් ශක්තිමත් කිරීම සඳහා සාමයට පියමං ආයතනයට ඉතාමත් වැදගත් වේ. සාමයට පියමං යනු කැනඩා රජයේ අරමුදල් ලබමින්, ඇලිනියා ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් ක්‍රියාත්මක වන ආයතනයකි.

Share:

Related News

සිදුවීම් සහ ක්‍රියාකාරකම්

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න
සිදුවීම් සහ ක්‍රියාකාරකම්

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න
සිදුවීම් සහ ක්‍රියාකාරකම්

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න