මානව සංවර්ධන සංවිධානය (HDO)

එක්සත් හඬ - සාධාරණ රාජ්‍ය සේවාවන් සඳහා ප‍්‍රජාවන් ඒකාබද්ධ කිරීම.

සමස්ත අරමුණ

භාෂා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම, රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම, සහ සමාජ ක‍්‍රියාවලියට සාධාරණ සහභාගීත්වය සහතික කිරීම මගින් මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඒ හා එක්ව, සහභාගී සේවා සැපයුම සඳහා රාජ්‍ය ආයතනවල වගකීම තහවුරු කිරීම මගින්, වතුකරයේ ආන්තික ප‍්‍රජාවන්ට, විශේෂයෙන් කාන්තාවන්ට, සුළුජාතිකයන්ට හා ආබාධ සහිත පුද්ගලයින්ට රාජ්‍ය සේවාවන් වෙත ප‍්‍රවේශය සහ ඒවායේ ගුණාත්මකභාවය වඩාත් උසස් කිරිම වේ.

අපේක්ෂිත ප‍්‍රතිඵල

විවිධ කණ්ඩායම්/පුද්ගලයින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ.

තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳ විවිධ කණ්ඩායම් වල දැනුවත්භාවය පුළුල් කිරීම සහ/හෝ ඉලක්කගත ආයතන පිහිටා ඇති ප‍්‍රජාවන් තුළ ක‍්‍රියාත්මක කිරීම.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳ විවිධ කණ්ඩායම් වල දැනුවත්භාවය පුළුල් කිරීම සහ/හෝ ඉලක්කගත ආයතන පිහිටා ඇති ප‍්‍රජාවන් තුළ ක‍්‍රියාත්මක කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

ඉලක්කගත ප‍්‍රදේශ

නුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්ක

අපේක්ෂිත ප‍්‍රතිඵල

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න