IFF අරමුදල
සාමයට පියමං, IFF අරමුදල (සියල්ලන් ඇතුළත් අනාගතයක් සඳහා වූ අරමුදල)හරහා, ශ්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් පාලනයක් සහ සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධානවලට (CSOs) සහාය වේ.
IFF අරමුදල පිළිබඳ වැඩිදුර තොරතුරු
IFF අරමුදල සඳහා යෝජනා කැඳවීම 2024 පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත ටැබය ක්ලික් කරන්න.
වසා ඇත
Related News

ශ්රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA)
ප්‍රජාවන්ට සාධාරණ නාගරික සේවා සැපයීම තුළින් සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම

මානව සොබා සම්පත් සංවර්ධන පදනම
ශ්රී ලංකාවේ දකුණු පළාතේ LGBTQIA+ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජීවින තත්ත්වය උසස් කිරීම.

ළමා සංවර්ධන අරමුදල (CDF)
ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මහ රෝහලේ සියල්ල ඇතුළත් රජයේ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සහ ඒ සඳහා උද්දේශනය

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය (CPA)
බැහැර කිරීමේ සහ කොන් කිරීමේ සිට සවිබල ගැන්වීම දක්වා - සමාජ ඒකාබද්ධතාවය වෙනුවෙන් මාවතක්

මානව සංවර්ධන සංවිධානය (HDO)
එක්සත් හඬ - සාධාරණ රාජ්ය සේවාවන් සඳහා ප්රජාවන් ඒකාබද්ධ කිරීම.

සංවර්ධනය සඳහා සමාජ ආයතන ජාලගත කිරීම (SDJF)
සියලූ දෙනාටම එක හා සමානව ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්වීමේ සේවාවක් සැලසීම (GESI)

ග‍්‍රාම සංවර්ධන පදනම (RDF)
සාමය, සංහිඳියාව සහ ඇතුළත් රජයේ සේවාවන් සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමට ශ්රී ලංකාවේ ආන්තික ප්රජාවන් බලගැන්වීම

වතු සහ ග‍්‍රාමීය අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා වු සංවිධානය
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නෝර්වුඞ් සහ තලවකැලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශවල සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම

සංවර්ධනය සඳහා සමාජ ආයතන ජාලගත කිරීම
යාපනය දිස්ත‍්‍රික්කයේ අවදානම් තත්ත්වයන්ට ලක් වූ ප්රජාවන් හා සේවා සපයන්නන් අතර ඇතුළත් පාලනය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම

ගැමි කාන්තා පෙරමුණ (RWF)
සමානාත්මතාවයෙන් යුතු සියල්ල ඇතුළත් සහ වගවිය යුතු මහජන සේවාවන් සඳහා ප්රජාවන් බලගැන්වීම
අපේක්ෂිත ප‍්‍රතිඵල

විවිධ කණ්ඩායම්/පුද්ගලයින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳ විවිධ කණ්ඩායම් වල දැනුවත්භාවය පුළුල් කිරීම සහ/හෝ ඉලක්කගත ආයතන පිහිටා ඇති ප‍්‍රජාවන් තුළ ක‍්‍රියාත්මක කිරීම.

ඉලක්කගත ආයතන වලට ඇතුළත් සේවාවන් සැපයීම සඳහා සහාය වීම.

සිවිල් සමාජ සංවිධාන සහ සහජීවන සංගම් ජාලගත වන අතර, ගැටුම් පරිවර්තනය සහ ඇතුළත් රජයේ සේවාවන් සැපයීම වෙනුවෙන් පෙනී සිටීම.

තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.
IFF ව්‍යාපෘති

ශ්රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA)
ප්‍රජාවන්ට සාධාරණ නාගරික සේවා සැපයීම තුළින් සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම

මානව සොබා සම්පත් සංවර්ධන පදනම
ශ්රී ලංකාවේ දකුණු පළාතේ LGBTQIA+ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජීවින තත්ත්වය උසස් කිරීම.

ළමා සංවර්ධන අරමුදල (CDF)
ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මහ රෝහලේ සියල්ල ඇතුළත් රජයේ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සහ ඒ සඳහා උද්දේශනය

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය (CPA)
බැහැර කිරීමේ සහ කොන් කිරීමේ සිට සවිබල ගැන්වීම දක්වා - සමාජ ඒකාබද්ධතාවය වෙනුවෙන් මාවතක්

මානව සංවර්ධන සංවිධානය (HDO)
එක්සත් හඬ - සාධාරණ රාජ්ය සේවාවන් සඳහා ප්රජාවන් ඒකාබද්ධ කිරීම.

සංවර්ධනය සඳහා සමාජ ආයතන ජාලගත කිරීම (SDJF)
සියලූ දෙනාටම එක හා සමානව ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්වීමේ සේවාවක් සැලසීම (GESI)
1. සාමයට පියමං හැඳින්වීම
සාමයට පියමං: ඇතුළත් පාලනය සහ සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම, 2024 සිට 2029 දක්වා, ශ්‍රී ලංකාවේ ආගමික, වාර්ගික සහ භාෂාමය ප්‍රජාවන් අතර - විශේෂයෙන්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා, සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.
IFF අරමුදලෙහි අරමුණ වන්නේ, සිවිල් සමාජය, ප්‍රජවන් සහ පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන්, ගැහැණු ළමුන් සහ LGBTQI+ (සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්වීරිසි, සංක්රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ අවිනිශ්චිත අනන්යතාවයන් සහිත) පුද්ගලයින් – කාන්තාවන් හා ගැහැණු ළමුන්ට; LGBTQI+ පුද්ගලයන්ට; ආගමික, ජාතික සහ භාෂාමය වශයෙන් සුළුතර පිරිස් හට; සහ ආබාධ සහිත පුද්ගලයන්ට ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්ය සේවා ඉල්ලා සිටීමට සවිබල ගැන්වීමයි.
සිවිල් සමාජයට සහාය දැක්වීමට අමතරව, මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලනය සහ කාන්තා කටයුතු වගකීම් භාර අමාත්‍යාංශ සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) සමඟ එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම පළාත් පහක දිස්ත්‍රික්ක හතක රාජ්‍ය ආයතන 15ක් සමඟ ද පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, කටයුතු කිරීමට නියමිතය:
01. ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවාවන් සැපයීම, සහ
02. භාෂා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවයට සංවේදී රාජ්‍ය සේවා සහ සමාජ ඒකාබද්ධතාවය යන ක්ෂේත්‍ර වල ශ්‍රී ලංකාවේ කාන්තාව සාමය හා ආරක්ෂාව (WPS) ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) ක්‍රියාත්මක කිරීම
ඇතුළත් සේවාවන්:
සියළු දෙනාට තම ප්‍රජාවන් තුළ පිළිගැනීමක් හා අයිති බවක් හැඟෙන පරිසරයක් නිර්මාණය කිරීම; මෙය සම්බන්ධතා හා අත්දැකීම් මත පදනම් වූ හැඟීමක් වේ.
සාධාරණ සේවාවන්:
විවිධ බාධක හා වරප්‍රසාද හේතුවෙන් සියළු දෙනාට එකම මට්ටමට සම්පත් නොමැති බව හඳුනා ගනිමින්, සාධාරණ සේවාවන් මගින් කිසිවෙකු අත් නොහැරෙන පරිදි ක්‍රියා පටිපාටි හා ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම තුළින් මෙම අසමතුලිතතාවන් නිවැරදි කිරීමට ඉලක්ක කරයි.
වගකිවයුතු සේවාවන්:
රජයේ ක්‍රියාවන් සඳහා රජයේ වගවීම සහ පුරවැසියන්ට එම වගවීම තහවුරු කිරීමට ඇති අයිතිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය, පැමිණිලි යාන්ත්‍රණ, සහ පුරවැසි ප්‍රඥප්ති මෙයට ඇතුළත් වේ.
කාන්තාව, සාමය හා ආරක්ෂාව අරමුදල (WPSF) සඳහා වෙනම සංකල්ප පත්‍ර කැඳවීමක් මෙම වසරේ නොවැම්බර් මාසයේදී දියත් කෙරෙන බව කරුණාවෙන් සලකන්න. එය කාන්තා අයිතිවාසිකම් සංවිධාන (WROs) සඳහා පමණක් වේ.
කාන්තා අයිතිවාසිකම් සංවිධාන / Women’s Rights Organizations (WROs): WROs තම මූලික කාර්‍රය පහත සඳහන් ක්ෂේත්‍ර වලට සම්බන්ධ ආයතන වේ. කාන්තා අයිතිවාසිකම් සුරැකීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව, කාන්තාවන්ට සහ/හෝ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හින්සනය සහ/හෝ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම. සංවිධානයේ නිල මෙහෙවර සහ දැක්ම ප්‍රකාශයන් තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය අනුගමනය කරන බවටද, කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සඳහා කැප වන බවටද, පැහැදිලි විය යුතුය.
2. IFF අරමුදල් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසකම් ඇති සංවිධාන
| වර්රගය | විස්තරය | සුදුසුකම් නිර්ණායක |
| රාජ්ය නොවන සංවිධාන (NGOs) | ඇතුළත් පාලනයය, මානව හිමිකම්, පුහුණුව/අධ්‍යාපනය, කාන්තාවන් සහ සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය, සමාජ සහජීවනය, භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, විනිවිදභාවය, සාමය ගොඩනැගීම සහ/හෝ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ නියමයන් හෝ අරමුණු සහිත ස්වේච්ඡා සහ ලාභ නොලබන ලෙස විධිමත් ලෙස ලියාපදිංචි වූ ආයතන. මෙම සංවිධාන ජාතික, පළාත්, දිස්ත්‍රික්ක මට්ටමේ හෝ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මට්ටමින් විය හැකිය. | සංකල්ප පත්‍ර අදියර:
යෝජනා අදියර:
|
| වෘත්තීය සංගම් | නීතීඥයින්, ගණකාධිකාරීවරුන්, වෛද්‍යවරුන්, කාර්මික ශිල්පීන් සහ වෙනත් වෘත්තීන් වැනි වෘත්තිකයන් කරන සහතික සංවිධානයන්ය. ස්වේච්ඡා සහ ලාභ නොලබන අතර ඇතුළත් පාලනය සහ සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම යන අරමුණ සමග පෙළගැස්විය යුතුය. උදා: ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL), සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) ආදිය | |
| අධ්‍යාපන හා පර්රයේශන ආයතන | ඇතුළත් පාලනය, සමාජ ඒකාබද්ධතාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය යන තේමා ක්ෂේත්රවල ප්රතිපත්ති පුනරාවර්තන සහ සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළුව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකිරීමේ විශේෂඥතාව සහ පළපුරුද්ද ඇති ආයතන වේ. උදාහරණයක් ලෙස, විශ්ව විද්‍යාල, විද්‍යාල සහ/හෝ ලාභ නොලබන සංවිධාන. | |
| ප්‍රජාමූල සංවිධාන | දිස්ත්‍රික්ක හෝ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ස්වේච්ඡා සහ ලාභ නොලබන ලෙස ලියාපදිංචි වී ඇති සංවිධාන. මේවා ප‍්‍රාදේශීය වශයෙන් ප්‍රජාවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන අතර පුළුල් පළාත් සහ ජාතික මට්ටමේ සංසද වල ප්‍රජාව නියෝජනය කරයි. | ඉහතින් වෙනස් වීම (එසේ නොමැතිනම් එකම නිර්ණායකක)
|
3. හවුල්කාරිත්වයන් සහ සංවිධාන ජාල
සිවිල් සමාජ සංවිධාන වලට (CSOs) වෙනත් සිවිල් සමාජ සංවිධාන සහ/හෝ සහජීවන සංගම් (CES) සමග හවුලේ වැඩ කිරීමේ හැකියාව ඇත. සිවිල් සමාජ සංවිධාන යෝජිත ව්‍යාපෘති හරහා සහය දීමට හෝ එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන සහජීවන සංගම් තෝරා ගැනීමේදී පහත සඳහන් නිර්ණායක සැළකිල්ලට ගැනීමට කාරුණික වන්න:
- අදාළ අමාත්‍යංශ යටතේ නිසි ලෙස ලියාපදිංචි වී සිටීම
- අවම වශයෙන් වසරක්වත් ක්රියාත්මක වී සිටීම
- සාමයට පියමං විසින් ඉලක්ක කර ගත් ප්‍රදේශයක පිහිටා තිබිය යුතුය සාමයට පියමං.
සංවිධාන දෙකක් හෝ කීපයක් එකම අවස්ථාවක දී එකට අයැදුම් කරද්දී, පෙනී සිටින ප්‍රධාන හවුල්කාර සංවිධානය, ඉහත 2 වන කොටසේ විස්තර කළ ඇති සුදුසුකම් සැපිරිය යුතුය. මෙම අවස්ථාවේදී, සාමයට පියමං, ප්‍රධාන හවුල්කාර සංවිධානය සමඟ පමණක් ගිවිසුමකට එළඹෙන අතර, ලැබුණු මුදල් පිළිබඳ වගකීම ප්‍රධාන හවුල්කාර සංවිධානය සතු වේ. ප්‍රධාන හවුල්කාර සංවිධානය විසින් සිය හවුල්කාර සංවිධාන සමඟ ඇති කර ගන්නා ගිවිසුම් වල පිටපත් සාමයට පියමං වෙත ඉදිරිපත් කළ යුතු ය.
CES යනු ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යටතේ පාලනය වන ස්වේච්චාදායක, ලාභ නොලබන සංවිධාන වේ. CES හි අරමුණ වන්නේ, ආගමික, ජාතික, භාෂාමය කණ්ඩායම් අතර ජාතික ඒකාබද්ධතාවය, ඇතුළත්භාවය, සහජීවනය සහ ජාතික ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමයි.
4. යථායෝගීී ක්‍රියාවලිය (Due Diligence Process)
IFF අරමුදල යටතේ මුදල් ලබා දීමට පෙර, යථායෝගි ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සහ ආරක්ෂණ ප්‍රතිපත්ති (Safeguarding Policy) පරීක්ෂණ සමත් වීමද සිවිල් සමාජ සංවිධාන සඳහා අත්‍යවශ්‍ය වේ.
අයදුම්කරුවන් විසින් සම්පුර්‍රන කළ සංකල්ප පත්‍ර සමඟ පහත සඳහන් උපකාරක ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත:
- 01. ලියාපදිංචි කිරීමේ සහතිකය (පිටපත)
- 02. පසුගිය වසර දෙකේ විගණනය කරන ලද මූල්‍ය වර්රතා
- 03. ආයතනික මූල්‍ය සහ අභ්‍යන්තර පාලන ප්‍රතිපත්තියේ පිටපත (තිබේ නම්)
- 04. සංවිධානයේ ආරක්ෂක ප්‍රතිපත්තියේ (Safeguarding Policy) පිටපත (තිබේ නම්)
අනිත් සියළුම පවතින යථායෝගි අවශ්‍යතා සම්පුර්‍රන කරන්නේ නම්, ආරක්ෂණ ප්‍රතිපත්තියක් (Safeguarding Policy) නොමැති සිවිල් සමාජ සංවිධාන වලට එවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ධාරිතා වර්ධන අවස්ථා සාමයට පියමං විසින් ලබා දෙනු ඇත.
5. ඉලක්කගත ප්‍රදේශ
ව්‍යාපෘතිය මගින් ඉලක්කගත දිස්ත්‍රික්ක වල සංවිධානයේ මුලස්ථානය පිහිටි කාන්තා අයිතිවාසිකම සංවිධාන වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ. ජාතික හෝ පළාත් මට්ටමේ කාන්තා අයිතිවාසිකම් සංවිධාන ව්‍යාපෘතිය මගින් ඉලක්කගත ප්‍රදේශ වල වැඩ කළ යුතු අතර එසේ කිරීමට ඔවුන්ගේ හැකියාව පෙන්නුම් කළ යුතුය.
පහත ඉලක්කගත රාජ්‍ය ආයතන සේවා සපයන ප්‍රජාවන් තුළ ව්‍යාප්ත කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
| පළාත | දිස්ත්‍රික්ක | ඉලක්කගත ආයතන |
| උතුරු | යාපනය | 1. පොලිස් මූලස්ථානය – යාපනය |
| වව්නියාව | 2. පොලිස් මූලස්ථානය – වව්නියාව | |
| නැගෙනහිර | ත්‍රිකුණාමලය | 3. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ත්‍රිකුණාමලය නගරය හා කඩවත |
| 4. දිස්ත්‍රික් මහ රෝහල – ත්‍රිකුණාමලය | ||
| මධ්‍යම | මහනුවර | 5. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – මහනුවර සතර කඩවත – ගඟවට කෝරලේ |
| 6. නගර සභාව – මහනුවර | ||
| නුවරඑළිය | 7. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – නුවරඑළිය | |
| 8. නගර සභාව – නුවරඑළිය | ||
| 9. දිස්ත්‍රික් මහ රෝහල – නුවරඑළිය | ||
| 10. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය - තලවාකැලේ | ||
| 11. අධිකරණ සහ දිස්ත්‍රික් උසාවිය – හැටන් | ||
| 12. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – නෝවුඩ් | ||
| දකුණු | ගාල්ල | 13. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ගාල්ල සතර කඩවත |
| 14. ජර්මන් - ශ්රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල – කරාපිටිය /ගාල්ල | ||
| වයඹ | පුත්තලම | 15. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – පුත්තලම |
6. අපේක්ෂිත ප්‍රතිඵල
සියළුම යෝජිත සංකල්ප පහත සඳහන් ප්‍රතිඵල වලින් එකක් හෝ එකකට වඩා සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කළ යුතුය. සාක්ෂාත් කර ගැනීමට උත්සහ කරන ප්‍රථිපල සංඛ්‍යාව වැඩි වූ හෙයින් එම සංකල්ප පත්‍රයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා නොදෙන බව කරුණාවෙන් සළකන්න. ව්‍යාපෘතියේ බලපෑම සළකා බලන විට, එයින් ආවරණය වන ප්‍රජාවේ සහ ප්‍රදේශයේ ප්‍රමාණයට වඩා ඉන් ඇති වන වෙනස කෙතරම් ගැඹුරෙන් සිදු වනවාද යන කරුණට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත.
| අරමුණ: කාන්තාවන් හා ගැහැණු ළමුන්; LGBTQI+ පුද්ගලයන්; ආගමික, ජාතික හා භාෂාමය වශයෙන් සුළුතර ප්රජාවන්; සහ ආබධ සහිත පුද්ගලයන් සඳහා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු පොදු සේවාවන් ඉල්ලා සිටීමට සිවිල් සමාජයේ, ප්‍රජාවන්හි සහ පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්, ගැහැනු ළමුන් සහ LGBTQI+ පුද්ගලන්ගේ ධාරිතාව වැඩි කිරීම | |
| ප්රතිඵල 1 | විවිධ කණ්ඩායම්/පුද්ගලයින් (කාන්තා සහ ගැහැණු ළමයින්; LGBTQI+ පුද්ගලයින්; ආගමික, වාර්ගික සහ භාෂාමය වශයෙන් සුළුතර ප්රජාවන්; ආබාධ සහිත පුද්ගලයින්) ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ. |
| ප්රතිඵල 2 | රාජ්ය භාෂා ප‍්‍රතිපත්තිය (OLP) පිළිබඳ විවිධ කණ්ඩායම් වල දැනුවත්භාවය පුළුල් කිරීම සහ/හෝ ඉලක්කගත ආයතන පිහිටා ඇති ප‍්‍රජාවන් තුළ OLP ක‍්‍රියාත්මක කිරීම. |
| ප්රතිඵල 3 | ඉලක්කගත ආයතන වලට ඇතුළත් සේවාවන් සැපයීම සඳහා සහාය වීම. |
| ප්රතිඵල 4 | සිවිල් සමාජ සංවිධාන සහ සහජීවන සංගම් ජාලගත වන අතර, ගැටුම් පරිවර්තනය සහ ඇතුළත් රජයේ සේවාවන් සැපයීම වෙනුවෙන් පෙනී සිටීම. |
| ප්රතිඵල 5 | තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම. |
| ප්රතිඵල 6 | රාජ්ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම. |
7. ව්‍යාපෘති කාලසීමාව හා අයවැය
යෝජිත ව්‍යාපෘතියේ සංකීර්ණත්වය, විෂය පථය සහ සිදු කළ හැකි බලපෑම මත පදනම්ව, සාමයට පියමං විසින් රුපියල් 10,000,000 දක්වා අරමුදල් සපයනු ඇත. සම අයවැයක් සහිත පෙර ව්‍යාපෘති වල උදාහරණ ඇතුළුව, මෙම පරිමාණයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අයදුම්කරුගේ හැකියාව පෙන්නුම් කළ යුතුය. අයදුම්කරුවන්ට මාස 12, 24 හෝ 36 ක කාලයන් තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
කරුණාකර පහත සඳහන් වියදම්, IFF මූල්‍ය ප්‍රදානය කළ ව්‍යාපෘති සඳහා සුදුසු නොවන බව සළකන්න:
- දේපළ මිල දී ගැනීම්
- වාහන මිල දී ගැනීම්
- සුඛෝපභෝගී භාණ්ඩ හා සේවා මිලයට හෝ කුලියට ගැනීම (උදා. ගමනාගමනයට සුඛෝපභෝගී වාහන කුලියට ගැනීම )
- රාජ්ය ආයතන /රාජ්ය සේවකයන්ට සෘජු මුල්‍ය ආධාර
- ගිවිසුම අත්සන් කිරීමට පෙර හා එය කල් ඉකුත් වූ පසු කරන ලද වියදම්.
8. සංකල්ප පත්‍ර ඇගයීම් නිර්ණායක
| 1. ආයතනික ධාරිතාව | ලකුණු 30 |
| යෝජිත ක්‍රියාකාරකම් භාර ගැනීමට සංවිධානයට ඇති හැකියාව: ආයතනික අත්දැකීම් (කළමනාකරණය හා ව්‍යපෘති ක්රියාත්මක කිරීම). සංවිධානය කොපමණ කාලයක් ක්රියාත්මක වී තිබේද? සංවිධානය සතුව විගණනය කළ ගිණුම් තිබේද? සංවිධානයේ වාර්ෂික අයවැය හා ව්‍යාපෘතියේ යෝජිත අයවැය සසඳන්න. සංවිධානයට මූල්‍යමය ප්‍රථිපාදන ලබා දෙන සංවිධාන හා දැනට සම්පූර්ණ කර ඇති / දැනට ක්රියාත්මක කරමින් සිටින ව්‍යාපෘති සමාලෝචනය කරන්න, කාර්ය මණ්ඩලයේ සංයුතිය (සංඛ්‍යාව, අභ්‍යන්තර විශේෂඥතාව) විග්රහ කරන්න | 15 |
| ඉලක්කගත ප‍්‍රදේශවල ක්‍රියාකාරකම් ක්රියාත්මක කිරීමේ පළපුරුද්ද, සංවිධානයට අත්දැකීම් ඇති තේමාත්මක ක්ෂේත්‍ර සහ ක්රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සමාලෝචනය කරන්න. | 15 |
| 2. යෝජිත ක්‍රියාකාරකම්වල ධනාත්මකභාවය | ලකුණු 50 |
| පාලනය සහ/හෝ සමාජ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමේ ප්‍රවණතාවක් ඇත. | 10 |
| යෝජිත ක්‍රියාකාරකම් යෝජිත ව්‍යාපෘති ස්ථාන වල ඉලක්ක කණ්ඩායම්වල අවශ්‍යතා වලට ප්‍රමුඛතාවය දෙමින් නිර්මාණය කර ඇත. | 10 |
| ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ තේමා ක්ෂේත්‍ර කිහිපයක් පුරා සම්පත් සරළ ව්‍යාප්ත කිරීමට වඩා තේමා ක්ෂේත්‍ර එකක් හෝ දෙකක් තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ය. | 10 |
| යෝජිත ක්‍රියාකාරකම්වල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවයට පහසුකම් සැලසීම සඳහා විශේෂිත අංග අඩංගු වේ, විශේෂයෙන්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා | 10 |
| යෝජිත ක්‍රියාකාරකම් නව්යයෝත්පාදක වේ. | 10 |
| 3. ප්‍රවේශය | ලකුණු 10 |
| ඇස්තමේන්තු අයවැය සහ ඇස්තමේන්තුගත ඍජු හා වක්‍ර ප්‍රතිලාභීන් සමානුපාතික හා යුක්ති සහගතය | 10 |
| 4. තිරසාර බව | ලකුණු 10 |
| යෝජිත ක්‍රියාකාරකම්වලට තිරසාර ප්රතිඵල ගෙන ඒමට හැකියාව ඇත | 10 |
| මුළු ලකුණු | 100 |
10. කාලරාමුව
| විස්තරය | ඔක් 2024 | නොවැ 2024 | දෙසැ 2024 | ජන 2025 | පෙබ 2025 | මාර් 2025 |
| සංකල්ප පත්‍ර කැඳවීම | 15 | |||||
| සංකල්ප පත්‍ර ඉදිරිපත් කිරීමේ අවසන් දිනය | 15 | |||||
| අයදුම්පත්‍රයේ තත්ත්වය පිළිබඳ අයදුම්කරුවන්ට දැනුම් දීම | 20 | |||||
| සම්පූර්ණ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය | 12 | |||||
| අයදුම්පත්‍රයේ තත්ත්වය පිළිබඳ අයදුම්කරුවන්ට දැනුම් දීම | 14 | |||||
| ගිවිසුම්ගත වීම ආරම්භය | 31 |
අයදුම් කරන්නේ කෙසේද
ඔබේ සුදුසුකම් ඇගැයීමට ‘Survey Monkey’ හි ‘A කොටස: සුදුසුකම් පරීක්ෂණ පෝරමය’ සම්පූර්ණ කරන්න.
ඔබ සුදුසු නම්, සාමයට පියමං ඔබට ඊමේල් මඟින් සංකල්ප පත්‍ර පෝරමයක් එවනු ඇත.
නම් කර ඇති උපකාරක ලේඛන සමඟ සම්පූර්ණ කළ සංකල්ප පත්‍රය 2024 නොවැම්බර් 15 දින පෙර පැය 23:59 ට පෙර ඊමේල් මඟින් සාමයට පියමං වෙත යොමු කරන්න. සංකල්ප පත්‍ර සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි බසින් පිරවීම සිදු කළ හැක. සංකල්ප පත්‍ර ආකෘතයෙහි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න.









