නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

සාමයට පියමං මගින් රාජ්‍ය සේවා සැපයීම පිළිබඳව ප‍්‍රජා අදහස් පිලිබඳ අධ්‍යයනයක් එළි දක්වයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර්/අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී. මෙම සමීක්ෂණය Verité Research විසින් සිදු කරන ලදී. දිස්ත‍්‍රික් 7ක් පුරා පැතිර ඇති රාජ්‍ය ආයතන 15ක් තුළ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මැදිහත්වීම් සඳහා පාදක/මූලික තත්ත්වය (baseline) හඳුනා ගැනීමට උපකරණයක් ලෙස, සාමයට පියමං හරහා මෙය ආරම්භ කරන ලදී. සාමයට පියමං යනු Alinea International විසින් ක‍්‍රියාත්මක කරනු ලබන වසර 5ක ව්‍යාපෘතියක් වන අතර, ඒ සඳහා කැනඩා රජය විසින් අරමුදල් සපයනු ලබයි.

වෙබ්නාර්/අන්තර්ජාල සාකච්ඡාවට පූර්වයෙන්, සාමයට පියමං සංවිධානය විසින් රජයේ නිලධාරීන් පිරිසකට ප‍්‍රධාන සොයාගැනීම් ඉදිරිපත් කිරීම සඳහා වට මේස සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. මෙම සාකච්ඡාව මගින් මහජන සේවා නියෝජිතයන්ට විවිධ ප‍්‍රජාවන් මහජන සේවා අත්විඳින ආකාරය පිළිබඳ විමසීමක් කිරීමට වේදිකාවක් නිර්මාණය කරන ලදී. එමෙන්ම, රාජ්‍ය සේවා සැපයීම තුළ ඇතුළත්බව, සාධරණත්වය, සහ වගකිවයුතු බව වඩාත් සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රතිපත්ති සංවාදවලට සාක්ෂි ඇතුළත් කිරීමටද එය වටිනා අවස්ථාවක් ලබා දුණි.

වට මේස සාකච්ඡාවෙන් අනතුරුව, සංවර්ධන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, කාන්තා අයිතිවාසිකම් සංවිධාන නියෝජනය සහ ශාස්ත‍්‍රඥයින් ඇතුළත් වෙබිනාර් සාකච්ඡාවක් පැවැත්විණි. වට මේස සාකච්ඡාවේදී සහ වෙබ්නාර් සාකච්ඡාව යන දෙකෙහිම අවධාරණය කළ පරිදි, මෙම අධ්‍යයනය ”කාර්යසාධනය මැනීමක් නොව, දෘෂ්ටිකෝණයන් පිළිබඳ විශ්ලේෂණයක්” ලෙස, කුමක් සාර්ථකව ක‍්‍රියාත්මක වන්නේද සහ කුමක් නොවන්නේද යන්න තක්සේරු කිරීමට තීරණාත්මක මෙවලමක් ලෙස සේවය කරයි. එබැවින්, රාජ්‍ය සේවා ප‍්‍රතිපත්ති සම්පාදනයට මඟපෙන්වීම සඳහා සාක්ෂි මත පදනම් වූ පර්යේෂණ සහ ප‍්‍රතිනිර්මාණය කළ හැකි ධනාත්මක උදාහරණ අධ්‍යයනය සපයයි. එය සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ අදෘශ්‍යමාන පිරිසගේ දෘෂ්ටියෙන් රාජ්‍ය සේවා සැපයීම පිළිබඳ අගනා දැක්මක් සපයන අතර, රාජ්‍ය සේවා සැපයීම අනෙක් සියල්ලන්ටම මෙන් ඔවුන්ටත් ක‍්‍රියාත්මක වේද යන්න අපෙන්ම අසන්නට අභියෝග කරයි.

වෙබ්නාර් සාකච්ඡාවේ මධ්‍යස්ථකරු සියිරීනී සිරිවර්ධන (සාමයට පියමං ක්ෂේත‍්‍ර අධ්‍යක්ෂ සිය ආරම්භක අදහස් දැක්වීමේදී සඳහන් කළේ, රාජ්‍ය ආයතන 15 තෝරාගැනීම ප‍්‍රධාන වශයෙන් Alinea International විසින් ක‍්‍රියාත්මක කරන ලද සහ කැන්ඩා රජය විසින් අරමුදල් සපයන ලද පෙර ව්‍යාපෘති හරහා, විශේෂයෙන්ම රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම ආයතන සමඟ තිබූ පෙර සම්බන්ධතාවය මත පදනම්ව සිදු වූ බවයි. සාමයට පියමං ව්‍යාපෘතියේ එක් අරමුණක් වන්නේ පෙර ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය කරන ලද භාෂා සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට ආයතනවලට සහාය වීමයි. ඇය තවදුරටත් අවධාරණය කළේ, සමහර දිස්ත‍්‍රික්කවල ආයතන එකක් හෝ දෙකක් පමණක් සමීක්ෂණයට ලක්ව ඇති බැවින්, එහි සොයාගැනීම් සාමාන්‍යකරණය කිරීම පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. නමුත් මෙම සීමාවන් තිබියදීත්, මෙම සමීක්ෂණය ”මෙම දිස්ත‍්‍රික්ක හරහා ඇතුළත් කිරීම, සාධාරණත්වය සහ වගවීම පිළිබඳ දර්ශකයක් ලෙස වැදගත් සම්පතක්වන අතර, රාජ්‍ය මහජන සේවා සැපයීම පිළිබඳ වැඩිදුර පර්යේෂණ උද්දීපනය කරමින් අනෙකුත් පර්යේෂකයන්ට වඩා ගැඹුරු හා විස්තීර්ණ අධ්‍යයන සිදු කිරීමට හැකියාව සලසයි” යන විශ්වාසය ඇයට තිබූ බවයි.

තම අදහස් දැක්වීමේදී, Kiril Iordanov (සංවර්ධන උපදේශක/ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගීතා ප‍්‍රධානී සඳහන් කළේ, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රජාවන් අතර සාමය, සංහිඳියාව, සහ සමාජ සහජීවනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ”අපගේ විශ්වාසනීය හවුල්කරුවාවන Alinea International විසින් ක‍්‍රියාත්මක කරන සාමයට පියමං ව්‍යාපෘතියට අරමුදල් සැපයීම කැනඩා රජය ගෞරවයක් ලෙස සළකන බවයි.” මෙම ව්‍යාපෘතියේ මූලික හරය වන්නේ සාමය යන්න ඇතුළත්, සාධාරණ හා වගකිවයුතු විය යුතුය යන විශ්වාසය බවද ඔහු සඳහන් කළේය. එසේම, ”සේවා භාවිතාකරන්නන්ගේ ජීවමාන අත්දැකීම් කේන්ද්‍රගත කරගනිමින්, මෙම සමීක්ෂණය, ශ‍්‍රී ලංකා රජය හා එහි සංවර්ධන හවුල්කරුවන් සඳහා ප‍්‍රායෝගික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් සකස් කිරීමට උපකාරී වන අගනා අවබෝධයන් ලබාදෙයි” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කළේය.

 දීපාංජලී අබේවර්ධන (Verité Research හි මාධ්‍ය හා දේශපාලන අංශයේ ප‍්‍රධානී ප‍්‍රධාන සොයාගැනීම් ඉදිරිපත් කිරීම ආරම්භ කරමින්, ”ඔබ මෙතැනින් යන විට කරුණු තුනක් සමඟ යනු ඇතැයි මට ඔබට පොරොන්දු විය හැකිය. හොඳින් ක‍්‍රියාත්මක වූ දේවල් මොනවාදැයි ඔබ දැනගනු ඇත. එසේම, යථාර්ථ සහ ප‍්‍රතිනිර්මාණය කළ හැකි ආදර්ශ කිහිපයක් පිළිබඳවද ඔබට අවබෝධයක් ලැබෙනු ඇත. තවද, ඔබට රැගෙන යා හැකි නිර්දේශ හා ක‍්‍රියාමාර්ග ද තිබෙනු ඇත” යනුවෙන් සඳහන් කළාය. අධ්‍යයනය සඳහා අනුගමනය කරන ලද ක‍්‍රමවේදය පැහැදිලි කරමින් ඇය විස්තර කළේ, සමීක්ෂණයට පෙර, දිස්ත‍්‍රික්ක 7 පුරා රජයේ නිලධාරීන් සහ ආන්තික ප‍්‍රජාවන්ගේ නියෝජිතයින් සමඟ ප‍්‍රධාන තොරතුරු සම්මුඛ සාකච්ඡාව සිදු කර, දේශීය අභියෝග සන්දර්භගත කරමින් සමීක්ෂණ සැලසුම සකස් කළ බවයි. දිස්ත‍්‍රික්ක 7 ක ආයතන 15 ක් පුරා පිටවීමේ සම්මුඛ සාකච්ඡාව (exit interviews) ලෙස පවත්වන ලද මෙම සමීක්ෂණය ප‍්‍රතිචාර දැක්වූවන් 824 දෙනෙකුගෙන් ප‍්‍රතිචාර රැස් කළේය. ඇතුළත් කිරීම, සාධාරණත්වය සහ වගවීම යන කෝණ හරහා රාජ්‍ය සේවා සැපයීම පිළිබඳ අදහස් ඇගයීමට ලක් කරන ලදී. මෙම පිටවීමේ සම්මුඛ සාකච්ඡාවලින් අනතුරුව, ගැඹුරු අවබෝධයක් සහිතව සමීක්ෂණ ප‍්‍රතිචාර සත්‍යාපනය කිරීම සඳහා ආබාධ සහිත පුද්ගලයින්, ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් සහ LGBTQI+ පුද්ගලයින් සමඟ ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡාව සහ ප‍්‍රධාන තොරතුරු සපයන්නන්ගේ සම්මුඛ සාකච්ඡාව පවත්වන ලදී.

ප‍්‍රධාන සොයාගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින්, මහෝෂධී පීරිස් (Verité Research හි මාධ්‍ය හා දේශපාලන අංශයේ කණ්ඩායම් ප‍්‍රධානී පැහැදිලි කළේ, මෙම අධ්‍යයනය මගින්, ”‍ඇතුළත්, සාධාරණ සහ වගවීමේ”‍ සේවා සැපයීමේ සංයුක්ත උදාහරණ හඳුනාගත් බවත්, ඒවා පහසුවෙන් ප‍්‍රතිනිර්මාණය කළ හැකි අතර, රාජ්‍ය සේවා සැපයීම වැඩි දියුණු කිරීම සඳහා ආදර්ශ ලෙස සේවය කළ හැකි බවත්ය. උදාහරණ කිහිපයක්ද ඉදිරිපත් කරමින්, ප‍්‍රතිචාරාත්මක නායකත්වය, විවිධාංගීකරණය වූ ශ‍්‍රම බලකායක්, විධිමත් ක‍්‍රියාවලීන් සහ ඉලක්කගත පුහුණුව මගින් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා ගෞරවනීය සැළකිල්ලක් සහතික කළ හැකි ආකාරය පිළිබඳව ඇය අවධාරණය කළාය.

වාර්තාවේ සොයාගැනීම් සඳහා ලැබුණු ප‍්‍රතිචාරය ඉතා ආකර්ශනීය සහ ධනාත්මක විය. රාජ්‍ය සේවා සැපයීම පිළිබඳ ප‍්‍රජා අදහස් පිළිබඳ වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවලින් ප‍්‍රකාශයට පත් කර ඇති අතර, එය සාමයට පියමං/ Pathways to Peace වෙබ් අඩවිය හරහා මහජන පරිශීලනය සහ බාගත කරගැනීමට හැකිය.

Share:

Related News

සිදුවීම් සහ ක්‍රියාකාරකම්

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න
සිදුවීම් සහ ක්‍රියාකාරකම්

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න
සිදුවීම් සහ ක්‍රියාකාරකම්

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න