UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

කාන්තාව , සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25: ශ්‍රී ලංකාවේ කාන්තා නායකත්වය පෙරටුකරගත් සාමය ගොඩනැංවීම සැමරුම.

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේ ලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි. ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP - WPS) (2023-2027) උත්ප්‍රේරණය ලබන්නේ, ගැටුම්වල බලපෑමෙන් කාන්තාවන්ව ආරක්ෂා කිරීමට සහ පරිවර්තනීය සාමය ගොඩනැංවීම, සංහිඳියාව ඇතිකිරීමේ සහ පාලනයෙහි ලා ඔවුන් විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනා ගැනීම වෙනුවෙන් කැපවී ඇති මෙම ගෝලීය රාමුවෙනි.

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි. ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP - WPS) (2023-2027) උත්ප්‍රේරණය ලබන්නේ, ගැටුම්වල බලපෑමෙන් කාන්තාවන්ව ආරක්ෂා කිරීමට සහ පරිවර්තනීය සාමය ගොඩනැංවීම, සංහිඳියාව ඇතිකිරීමේ සහ පාලනයෙහි ලා ඔවුන් විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනා ගැනීම වෙනුවෙන් කැපවී ඇති මෙම ගෝලීය රාමුවෙනි.

UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරීමේ අවස්ථාව රාජ්‍ය නිලධාරීන් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සංවිධාන (WROs) අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට දායක වූ අතර, එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවන් හා NAP – WPS හි න්‍යාය පත්‍රය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට රුකුලක් විය. තවද එම සැමරුමට සහභාගී වීම සඳහා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සංවිධානවලට අවස්ථාව ලැබීම තුළින්, එම සංවිධාන අතර සහයෝගතාවයන් ප්‍රවර්ධනය වීමත්, ඔවුන් අතර ජාලගත වීමටත් අවස්ථාව සැලසිණි.

සාමයට පියමං ඇතුළත් පාලනය සහ සමාජ සහජීවනය ගොඩනැගීම යනු කැනඩා රජය විසින් අරමුදල් සපයනු ලබන සහ Alinea International විසින් ක්‍රියාත්මක කරනු ලබන පස් අවුරුදු (2024-2029) ව්‍යාපෘතියකි. කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ අරමුදල යනු ශ්‍රී ලංකාවේ ආගමික, වාර්ගික සහ භාෂාමය ප්‍රජාවන් තුළ සහ ඒවා අතර, විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාමයට පියමංහි නොයෙක් මුලපිරීම් අතර එකකි.

Share:

Related News

සිදුවීම් සහ ක්‍රියාකාරකම්

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න
සිදුවීම් සහ ක්‍රියාකාරකම්

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න
සිදුවීම් සහ ක්‍රියාකාරකම්

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න