සංවර්ධනය සඳහා සමාජ ආයතන ජාලගත කිරීම

යාපනය දිස්ත‍්‍රික්කයේ අවදානම් තත්ත්වයන්ට ලක් වූ ප‍්‍රජාවන් හා සේවා සපයන්නන් අතර ඇතුළත් පාලනය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම

සමස්ත අරමුණ

යාපනය දිස්ත‍්‍රික්කයේ ඉලක්ක කරගත් ප‍්‍රදේශවල ප‍්‍රජාවන්ගේ ආරක්ෂාව සහ සමාජ සුභසාධනය වැඩිදියුණු කිරීම

අපේක්ෂිත ප‍්‍රතිඵල

විවිධ කණ්ඩායම්/පුද්ගලයින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ.

ඉලක්කගත ආයතන වලට ඇතුළත් සේවාවන් සැපයීම සඳහා සහාය වීම.

සිවිල් සමාජ සංවිධාන සහ සහජීවන සංගම් ජාලගත වන අතර, ගැටුම් පරිවර්තනය සහ ඇතුළත් රජයේ සේවාවන් සැපයීම වෙනුවෙන් පෙනී සිටීම.

තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

ඉලක්කගත ප‍්‍රදේශ

යාපනය දිස්ත‍්‍රික්කය

අපේක්ෂිත ප‍්‍රතිඵල

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න