කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල
සංකල්ප පත්‍ර කැඳවීම

සාමයට පියමං විසින්, ශ්‍රී ලංකාවේ කාන්තාව සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ව්‍යාප්ත කිරීමට උපකාරී වන ව්‍යාපෘති සඳහා සංකල්ප පත්‍ර යොමු කිරීමට, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සංවිධාන වෙත ආරාධනා කර සිටියි. සංකල්ප පත්‍ර තෝරා ගැනීමෙන් පසු, තෝරා ගත් සංවිධාන, කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදලේ අරමුණු සහ පහත විස්තර කර ඇති සුදුසුකම් සපුරලන්නේ නම්, සම්පූර්ණ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කරනු ලැබේ.

සුදුසුකම් අවශ්‍යතා සපුරාලන්නේ නැති, නමුත් වැඩිදුර විග්‍රහ කිරීමට සුදුසු සංකල්ප යොමු කරන කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට, තම ධාරිතාව වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කර ඇති වැඩසටහනකට ඇතුළත් වීමට අවස්ථාවක් තිබේ. එම වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔවුන්ට කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදලට නැවත අයදුම් කිරීමට සුදුසුකම් ලැබිය හැකිය.

කාන්තා අයිතිවාසිකම් සංවිධාන / Women’s Rights Organizations (WROs): WROs තම මූලික කාර්ය පහත සඳහන් ක්ෂේත්‍ර වලට සම්බන්ධ ආයතන වේ. කාන්තා අයිතිවාසිකම් සුරැකීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව, කාන්තාවන්ට සහ/හෝ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හින්සනය සහ/හෝ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම. සංවිධානයේ නිල මෙහෙවර සහ දැක්ම ප්‍රකාශයන් තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය අනුගමනය කරන බවටද, කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සඳහා කැප වන බවටද, පැහැදිලි විය යුතුය.

1. සාමයට පියමං හැඳින්වීම

සාමයට පියමං: ඇතුළත් පාලනය සහ සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම, 2024 සිට 2029 දක්වා, ශ්‍රී ලංකාවේ ආගමික, වාර්ගික සහ භාෂාමය ප්‍රජාවන් අතර - විශේෂයෙන්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා, සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.

කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදලේ පරමාර්ථය වන්නේ එක්සත් ජාතීන්ගේ කාන්තාව සාමය හා ආරක්ෂාව න්‍යාය පත්‍රය අනුව ගැටුම්, අස්ථාවරත්වය සහ අනාරක්ෂිතභාවය ආමන්ත්‍රණය කර විසඳුම් ඉදිරිපත් කිරීමට කාන්තාවන් සහ කාන්තා අයිතිවාසිකම් සංවිධාන වල නායකත්වය සහ සහභාගීත්වය වැඩිදියුණු කිරීමයි.

කාන්තා අයිතිවාසිකම් සංවිධාන සහ සිවිල් සමාජයට සහය දැක්වීමට අමතරව, මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලනය සහ කාන්තා කටයුතු වලට අදාළ අමාත්‍යාංශ, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) මෙන්ම, පළාත් පහක දිස්ත්‍රික්ක හතක රාජ්‍ය ආයතන 15ක් සමඟ ද පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, කටයුතු කිරීමට නියමිතය:

01. ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවාවන් සැපයීම, සහ

02. භාෂා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවයට සංවේදී රාජ්‍ය සේවා සහ සමාජ ඒකාබද්ධතාවය යන ක්ෂේත්‍ර වල‍ ශ්‍රී ලංකාවේ කාන්තාව සාමය හා ආරක්ෂාව (WPS) ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) ක්‍රියාත්මක කිරීම

ඇතුළත් සේවාවන්:

සියළු දෙනාට තම ප්‍රජාවන් තුළ පිළිගැනීමක් හා අයිති බවක් හැඟෙන පරිසරයක් නිර්මාණය කිරීම; මෙය සම්බන්ධතා හා අත්දැකීම් මත පදනම් වූ හැඟීමක් වේ.

සාධාරණ සේවාවන්:

විවිධ බාධක හා වරප්‍රසාද හේතුවෙන් සියළු දෙනාට එකම මට්ටමට සම්පත් නොමැති බව හඳුනා ගනිමින්, සාධාරණ සේවාවන් මගින් කිසිවෙකු අත් නොහැරෙන පරිදි ක්‍රියා පටිපාටි හා ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම තුළින් මෙම අසමතුලිතතාවන් නිවැරදි කිරීමට ඉලක්ක කරයි.

වගකිවයුතු සේවාවන්:

රජයේ ක්‍රියාවන් සඳහා රජයේ වගවීම සහ පුරවැසියන්ට එම වගවීම තහවුරු කිරීමට ඇති අයිතිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය, පැමිණිලි යාන්ත්‍රණ, සහ පුරවැසි ප්‍රඥප්ති මෙයට ඇතුළත් වේ.

කාන්තාව, සාමය හා ආරක්ෂාව අරමුදල (WPSF) සඳහා වෙනම සංකල්ප පත්‍ර කැඳවීමක් මෙම වසරේ නොවැම්බර් මාසයේදී දියත් කෙරෙන බව කරුණාවෙන් සලකන්න. එය කාන්තා අයිතිවාසිකම් සංවිධාන (WROs) සඳහා පමණක් වේ.

කාන්තා අයිතිවාසිකම් සංවිධාන / Women’s Rights Organizations (WROs): WROs තම මූලික කාර්‍රය පහත සඳහන් ක්ෂේත්‍ර වලට සම්බන්ධ ආයතන වේ. කාන්තා අයිතිවාසිකම් සුරැකීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව, කාන්තාවන්ට සහ/හෝ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හින්සනය සහ/හෝ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම. සංවිධානයේ නිල මෙහෙවර සහ දැක්ම ප්‍රකාශයන් තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය අනුගමනය කරන බවටද, කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සඳහා කැප වන බවටද, පැහැදිලි විය යුතුය.

2. කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදලට අයදුම් කිරීමට සුදුසුකම් ඇති ආයතන

WordPress Table

3. හවුල්කාරිත්වයන් සහ සංවිධාන ජාල

කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට වෙනත් කාන්තා අයිතිවාසිකම් සංවිධාන, කාන්තා ග්‍රාමීය සංවර්ධන සමිති සහ / හෝ සහජීවන සංගම් (CES) සමග හවුලේ වැඩ කිරීමේ හැකියාව ඇත. කාන්තා අයිතිවාසිකම් සංවිධාන යෝජිත ව්‍යාපෘති හරහා සහය දීමට හෝ එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන කාන්තා ග්‍රාමීය සංවර්ධනය සමිති සහ / හෝ සහජීවන සංගම් තෝරා ගැනීමේදී පහත නිර්ණායක සලකා බැලීමට දිරිමත් කෙරේ:

සාමයට පියමං ඉලක්කගත ප්‍රදේශයක පිහිටා තිබීම.

සංවිධාන දෙකක් හෝ කීපයක් එකම අවස්ථාවක දී එකට අයැදුම් කරද්දී, පෙනී සිටින ප්‍රධාන හවුල්කාර සංවිධානය, ඉහත 2 වන කොටසේ විස්තර කළ ඇති සුදුසුකම් සැපිරිය යුතුය. මෙම අවස්ථාවේදී, සාමයට පියමං, ප්‍රධාන හවුල්කාර සංවිධානය සමඟ පමණක් ගිවිසුමකට එළඹෙන අතර, ලැබුණු මුදල් පිළිබඳ වගකීම ප්‍රධාන හවුල්කාර සංවිධානය සතු වේ. ප්‍රධාන හවුල්කාර සංවිධානය විසින් සිය හවුල්කාර සංවිධාන සමඟ ඇති කර ගන්නා ගිවිසුම් වල පිටපත් සාමයට පියමං වෙත ඉදිරිපත් කළ යුතු ය.

CES යනු ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යටතේ පාලනය වන ස්වේච්චාදායක, ලාභ නොලබන සංවිධාන වේ. CES හි අරමුණ වන්නේ, ආගමික, ජාතික, භාෂාමය කණ්ඩායම් අතර ජාතික ඒකාබද්ධතාවය, ඇතුළත්භාවය, සහජීවනය සහ ජාතික ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමයි.

4. යථායෝගීී ක්‍රියාවලිය (Due Diligence Process)

කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල යටතේ අරමුදල් ලබා දීමට, යථායෝගී ක්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණ කිරීම කාන්තා අයිතිවාසිකම් සංවිධාන සඳහා පූර්ව අවශ්‍යතාවයකි.

අයදුම්කරුවන් විසින් සම්පුර්‍රන කළ සංකල්ප පත්‍ර සමඟ පහත සඳහන් උපකාරක ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත:

ඉහත සඳහන් කර ඇති අනෙකුත් සියලුම යථායෝගී අවශ්‍යතා සපුරාලන්නේ නම්, ආරක්ෂිත ප්‍රතිපත්තියක් නොමැති කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට ආරක්ෂිත ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා, සාමයට පියමං ධාරිතා වර්ධන අවස්ථා ලබා දෙනු ඇත.

කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට ආයතනීකරණය කරන ලද මූල්‍ය සහ අභ්‍යන්තර පාලන ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවක, මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා සහය ලබා ගැනීමට සාමයට පියමං විසින් සපයන ධාරිතා වර්ධන වැඩසටහනට සම්බන්ධ වීමට, කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට ආරාධනා කරයි. එමඟින් අයදුම්කරුවන්ට කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදලට නැවත අයදුම් කිරීමට අවස්ථාවක් ලැබේ.

පහත සඳහන් නිර්ණායක සපුරාලන, කාන්තා අයිතිවාසිකම් සංවිධාන 15කට, ධාරිතා වර්ධන වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව ලැබේ: 

5. ඉලක්කගත ප්‍රදේශ

ව්‍යාපෘතිය මගින් ඉලක්කගත දිස්ත්‍රික්ක වල සංවිධානයේ මුලස්ථානය පිහිටි කාන්තා අයිතිවාසිකම සංවිධාන වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ. ජාතික හෝ පළාත් මට්ටමේ කාන්තා අයිතිවාසිකම් සංවිධාන ව්‍යාපෘතිය මගින් ඉලක්කගත ප්‍රදේශ වල වැඩ කළ යුතු අතර එසේ කිරීමට ඔවුන්ගේ හැකියාව පෙන්නුම් කළ යුතුය.

පහත ඉලක්කගත රාජ්‍ය ආයතන සේවා සපයන ප්‍රජාවන් තුළ ව්‍යාප්ත කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

WordPress Table

6. අපේක්ෂිත ප්‍රතිඵල

සියළුම යෝජිත සංකල්ප පහත සඳහන් අවධාන ක්ෂේත්‍ර වලින් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සමග පෙලගැසෙන ආකාරයට සැලසුම් කළ යුතුය. පෙල ගැස්වීමට උත්සහ කරන අවධාන ක්ෂේත්‍ර සංඛ්‍යාව වැඩි වූ හෙයින් එම සංකල්ප පත්‍රයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා නොදෙන බව කරුණාවෙන් සළකන්න. ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවක් හෝ ප්‍රාදේශීය වශයෙන් වැඩි ආවරණයක් කරා ළඟා වීමට වඩා, ගැඹුරු බලපෑම් ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපෘති සංකල්ප යොමු කිරීමට දිරිමත් කරේ.

WordPress Table

7. ව්‍යාපෘති කාලසීමාව හා අයවැය

යෝජිත ව්‍යාපෘතියේ සංකීර්ණත්වය, විෂය පථය සහ සිදු කළ හැකි බලපෑම මත පදනම්ව, සාමයට පියමං විසින් රුපියල් 10,000,000 දක්වා අරමුදල් සපයනු ඇත. සම අයවැයක් සහිත පෙර ව්‍යාපෘති වල උදාහරණ ඇතුළුව, මෙම පරිමාණයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අයදුම්කරුගේ හැකියාව පෙන්නුම් කළ යුතුය. අයදුම්කරුවන්ට මාස 12, 24 හෝ 36 ක කාලයන් තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

කරුණාකර පහත සඳහන් වියදම්, කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල් මූල්‍ය ප්‍රදානය කළ ව්‍යාපෘති සඳහා සුදුසු නොවන බව සළකන්න:

8. සංකල්ප පත්‍ර ඇගයීම් නිර්ණායක

WordPress Table

10. කාලරාමුව

WordPress Table

සංකල්ප පත්‍ර ඉදිරිපත් කළ පසු, අයදුම්පත්‍රයේ තත්වය පිළිබද විමසීම සඳහා සාමයට පියමං ඇමතීමෙන් වලකින ලෙස අයදුම් කරුවන්ගෙන් ඉල්ලා සිටි.

අයදුම් කරන්නේ කෙසේද

සුදුසුකම් පරීක්ෂණ පෝරමය