කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය

ප‍්‍රජාවන් පරිවර්තනය කිරීම : තිරසාර සංවර්ධනය උදෙසා ලිංගික හා සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීම සහ කාන්තා හඬ අවදි කිරීම 

සමස්ත අරමුණ

ශ‍්‍රී ලංකාවේ වෙසෙන, විශේෂයෙන්ම ගැටුම්වලින් පීඩාවට පත් වූ සහ ආන්තිකකරණයට ලක් වූ ප‍්‍රජාවන් තුළ සමාජභාවීය සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීම, කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සහ පාලන හා සාමය ගොඩනැගීමේ ක‍්‍රියාවලීන් සඳහා ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ සමස්ත අරමුණයි.

නීති හා ප්‍රතිපත්ති සංස්කරණය හරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා වෙනස්කොට සැලකීමට එරෙහිව කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී, රජයේ සහයෙන් ලබා දෙන සම්පත් හා සේවා වෙත ප්‍රජාමූල මට්ටම්වල කාන්තාවන්ට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වර්ධනය වේ.

ගැටුමේ බලපෑමෙන් සහ ආපදාවල බලපෑමෙන් අවතැන් වීමට ලක් වී ඇති කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සcවේදී, රාජ්‍ය අනුග්‍රහය ලැබෙන මනෝ සමාජ සේවා හා තිරසාර ව්සඳුම් වෙත ප්‍රවේෂය ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී සහ නියමානුකූල ආපදා කළමනාකරණ යාන්ත්‍රණ වෙත කාන්තාවන්ට ප්‍රවේෂය ලැබේ.

හමුදා හා පොලිස් වැන්දඹුවන්, හිටපු කාන්තා සටන්කරුවන් සහ කාන්තා ගෘහමූලික කුටුම්බ වලට සිය ජීවන තත්වය වැඩි දියුණු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී රාජ්‍ය සේවා වෙත වැඩි ප්‍රවේශයක් ලැබේ.

කාන්තාවන්ට එරෙහි හිංසනය, එරෙහිව හිංසනය වැළක්වීම සඳහා සහ ඔවුන්ගේ සමාජ ආර්ථික අවස්ථා සහ තීරණ ගැනීමේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.

සාමය ගොඩ නැංවීම, ගැටුම් වැළැක්වීම හා ගැටුම් නිරාකරණය සඳහා වඩාත් සමාන ආකාරයකින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීම සහ පාලනයේ හා දේශපාලනයේ තීරණ ගැනීමේ මට්ටම්වල දී කාන්තාවන් සම්බන්ධ කර ගැනීම මගින් ශ‍්‍රී ලාංකික සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාදර්ශ ප‍්‍රවර්ධනය කිරීම.

ශ්‍රී ලංකාවේ ප්‍රජාමූල මට්ටමේ කාන්තාවන්ට බලපාන ක්ෂුද්‍ර මූල්‍ය භාවිතය ආශ්‍රිත ගැටළු සම්බන්දයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කර ගත්, ප්‍රදාන ප්‍රවාහගත කරන ලද මැදිහත් වීම් යොදා ගනු ලැබේ.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

ඉලක්කගත ප‍්‍රදේශ

යාපනය, නුවරඑළිය දිස්ත‍්‍රික්ක

අපේක්ෂිත ප‍්‍රතිඵල

නව සමීක්ෂණයක් මගින් මහජන සේවා සැපයීම පිළිබඳ ජනතාවගේ අත්දැකීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ‍ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.

වැඩි විස්තර සඳහා කියවන්න

ඇතුළත්භාවය සහ ආරක්ෂිත උද්දේශනය වැඩිදියුණු කිරීම

සාමයට පියමං ආයතනය ජනවාරි 27 සහ 28 දිනවල, ඇතුළත් අනාගත අරමුදලේ (IFF) තම හවුල්කරුවන් සඳහා GBA+ සහ සුරක්ෂිත උද්දේශනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර, ත්‍රෛභාෂික එම වැඩමුළුව, ස්ත්‍රීපුරුෂ සමාජභාව විශ්ලේෂණය සහ තවත් දෑ (GBA+), සුරක්ෂිත උද්දේශනය, සහ භාෂා අයිතිවාසිකම් හා මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශය (HRBA) සම්බන්ධයෙන් පවත්වන්නට සැලසුම් කර ඇති වැඩමුළු මාලාවක පළමුවැන්න වේ.

වැඩි විස්තර සඳහා කියවන්න

UNSCR 1325 @25 සාමයට පියමං සැමරුම

“UNSCR 1325 @25 - කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ වසර 25 සැමරුම” සාමයට පියමං කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 යෝජනාවේ, 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSCR) 1325 වැනි යෝජනාව යනු, සාමය සහ ආරක්ෂාව ගොඩනැංවීමේලා කාන්තාවන්ගේ පූර්ණ සහ සමාන සහභාගීත්වය හඳුනාගන්නා, සහ එය ප්‍රවර්ධනයට පුරෝගාමීවන ජාත්‍යන්තර රාමුවයි.

වැඩි විස්තර සඳහා කියවන්න