කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල

කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදලේ අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ කාන්තාව සාමය හා ආරක්ෂාව න්‍යාය පත්‍රය අනුව ගැටුම්ල අස්ථාවරත්වය සහ අනාරක්ෂිතභාවය ආමන්ත්‍රණය කර විසඳුම් ඉදිරිපත් කිරීමට කාන්තාවන් සහ කාන්තා අයිතිවාසිකම් සංවිධාන වල නායකත්වය සහ සහභාගීත්වය වැඩිදියුණු කිරීමයිග මෙම අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව සාමය හා ආරක්ෂාව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමටද කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට සහය දෙයි

කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල සඳහා යෝජනා කැඳවීම
2024 පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත ටැබය ක්ලික් කරන්න

වසා ඇත

Related News

වතු සහ ග‍‍්‍රාමීය අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා වු සංවිධානය

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නෝර්වුඞ් සහ තලවකැලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශවල සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම

ව්‍යාපෘති බලන්න

ගැමි කාන්තා පෙරමුණ

කාන්තා පර්යේෂණ කේන්ද්‍ර මධ්‍යස්ථානය (CENWOR) 

ස්ත්‍රී මධ්‍යස්ථානය- ශ්‍රී ලංකා

ඩාබිඳු සාමූහිකය 

කාන්තා සහයෝගිතා පෙරමුණ

කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය 

නැගෙනහිර සමාජ සංවර්ධන පදනම 

විළුතු- හැකියා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය

විළුතු- හැකියා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය

ශ‍්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA)

අපේක්ෂිත ප‍්‍රතිඵල

නීති හා ප්‍රතිපත්ති සංස්කරණය හරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා වෙනස්කොට සැලකීමට එරෙහිව කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී, රජයේ සහයෙන් ලබා දෙන සම්පත් හා සේවා වෙත ප්‍රජාමූල මට්ටම්වල කාන්තාවන්ට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වර්ධනය වේ.

ගැටුමේ බලපෑමෙන් සහ ආපදාවල බලපෑමෙන් අවතැන් වීමට ලක් වී ඇති කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සcවේදී, රාජ්‍ය අනුග්‍රහය ලැබෙන මනෝ සමාජ සේවා හා තිරසාර ව්සඳුම් වෙත ප්‍රවේෂය ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී සහ නියමානුකූල ආපදා කළමනාකරණ යාන්ත්‍රණ වෙත කාන්තාවන්ට ප්‍රවේෂය ලැබේ.

හමුදා හා පොලිස් වැන්දඹුවන්, හිටපු කාන්තා සටන්කරුවන් සහ කාන්තා ගෘහමූලික කුටුම්බ වලට සිය ජීවන තත්වය වැඩි දියුණු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී රාජ්‍ය සේවා වෙත වැඩි ප්‍රවේශයක් ලැබේ.

කාන්තාවන්ට එරෙහි හිංසනය, එරෙහිව හිංසනය වැළක්වීම සඳහා සහ ඔවුන්ගේ සමාජ ආර්ථික අවස්ථා සහ තීරණ ගැනීමේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාමූල මට්ටමේ කාන්තාවන්ට බලපාන ක්ෂුද්‍ර මූල්‍ය භාවිතය ආශ්‍රිත ගැටළු සම්බන්දයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කර ගත්, ප්‍රදාන ප්‍රවාහගත කරන ලද මැදිහත් වීම් යොදා ගනු ලැබේ.

සාමය ගොඩ නැංවීම, ගැටුම් වැළැක්වීම හා ගැටුම් නිරාකරණය සඳහා වඩාත් සමාන ආකාරයකින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීම සහ පාලනයේ හා දේශපාලනයේ තීරණ ගැනීමේ මට්ටම්වල දී කාන්තාවන් සම්බන්ධ කර ගැනීම මගින් ශ‍්‍රී ලාංකික සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාදර්ශ ප‍්‍රවර්ධනය කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

අපේක්ෂිත ප‍්‍රතිඵල

නීති හා ප්‍රතිපත්ති සංස්කරණය හරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා වෙනස්කොට සැලකීමට එරෙහිව කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී, රජයේ සහයෙන් ලබා දෙන සම්පත් හා සේවා වෙත ප්‍රජාමූල මට්ටම්වල කාන්තාවන්ට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වර්ධනය වේ.

ගැටුමේ බලපෑමෙන් සහ ආපදාවල බලපෑමෙන් අවතැන් වීමට ලක් වී ඇති කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සcවේදී, රාජ්‍ය අනුග්‍රහය ලැබෙන මනෝ සමාජ සේවා හා තිරසාර ව්සඳුම් වෙත ප්‍රවේෂය ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී සහ නියමානුකූල ආපදා කළමනාකරණ යාන්ත්‍රණ වෙත කාන්තාවන්ට ප්‍රවේෂය ලැබේ.

හමුදා හා පොලිස් වැන්දඹුවන්, හිටපු කාන්තා සටන්කරුවන් සහ කාන්තා ගෘහමූලික කුටුම්බ වලට සිය ජීවන තත්වය වැඩි දියුණු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී රාජ්‍ය සේවා වෙත වැඩි ප්‍රවේශයක් ලැබේ.

කාන්තාවන්ට එරෙහි හිංසනය, එරෙහිව හිංසනය වැළක්වීම සඳහා සහ ඔවුන්ගේ සමාජ ආර්ථික අවස්ථා සහ තීරණ ගැනීමේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාමූල මට්ටමේ කාන්තාවන්ට බලපාන ක්ෂුද්‍ර මූල්‍ය භාවිතය ආශ්‍රිත ගැටළු සම්බන්දයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කර ගත්, ප්‍රදාන ප්‍රවාහගත කරන ලද මැදිහත් වීම් යොදා ගනු ලැබේ.

සාමය ගොඩ නැංවීම, ගැටුම් වැළැක්වීම හා ගැටුම් නිරාකරණය සඳහා වඩාත් සමාන ආකාරයකින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීම සහ පාලනයේ හා දේශපාලනයේ තීරණ ගැනීමේ මට්ටම්වල දී කාන්තාවන් සම්බන්ධ කර ගැනීම මගින් ශ‍්‍රී ලාංකික සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාදර්ශ ප‍්‍රවර්ධනය කිරීම.

පාලනයේ සෑම තරාතිරමකම සමාජයේ තීරණ ගැනීමේදී කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ වැඩි මැදිහත්වීම.

කාන්තාව සාමය හා ආරක්ෂාව අරමුදල (WPSF) ව්‍යාපෘති

විළුතු- හැකියා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය

WPS (කාන්තා, සාමය හා ආරක්ෂාව) ක‍්‍රියාවලීන් තුළ කාන්තාවන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, කාන්තාවන්ගේ ඇතුළත් කිරීම සහ සහභාගී වීම වැඩිදියුණු කරන අර්ථවත් ක‍්‍රියාවලීන් ශක්තිමත් කිරීම (EMPOWER ව්‍යාපෘතිය) 

ව්‍යාපෘති බලන්න

ඩාබිඳු සාමූහිකය  

වවුනියාවේ කාන්තාවන් සවිබල ගැන්වීම: ගෘහ මූලික කාන්තාවන් ඇතුළු කාන්තා කර්මාන්තශාලා සේවිකාවන් සඳහා උද්දේශනය, සේවා සඳහා ප‍්‍රවේශය සහ සේවා ස්ථානයන්හි අයිතිවාසිකම් ශක්තිමත් කිරීම.

ව්‍යාපෘති බලන්න

කාන්තා පර්යේෂණ කේන්ද්‍ර මධ්‍යස්ථානය (CENWOR) 

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට ප‍්‍රතිචාර දක්වන ක්ෂුද්‍ර මූල්‍යකරණය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම: ශ‍්‍රී ලංකාවේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරකම් ශක්තිමත් කිරීම

ව්‍යාපෘති බලන්න

1. සාමයට පියමං හැඳින්වීම

සාමයට පියමං: ඇතුළත් පාලනය සහ සමාජ ඒකාබද්ධතාවය ගොඩනැංවීම, 2024 සිට 2029 දක්වා, ශ්‍රී ලංකාවේ ආගමික, වාර්ගික සහ භාෂාමය ප්‍රජාවන් අතර - විශේෂයෙන්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා, සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.

IFF අරමුදලෙහි අරමුණ වන්නේ, සිවිල් සමාජය, ප්‍රජවන් සහ පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන්, ගැහැණු ළමුන් සහ LGBTQI+ (සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්වීරිසි, සංක්රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ අවිනිශ්චිත අනන්යතාවයන් සහිත) පුද්ගලයින් – කාන්තාවන් හා ගැහැණු ළමුන්ට; LGBTQI+ පුද්ගලයන්ට; ආගමික, ජාතික සහ භාෂාමය වශයෙන් සුළුතර පිරිස් හට; සහ ආබාධ සහිත පුද්ගලයන්ට ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්ය සේවා ඉල්ලා සිටීමට සවිබල ගැන්වීමයි.

සිවිල් සමාජයට සහාය දැක්වීමට අමතරව, මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලනය සහ කාන්තා කටයුතු වගකීම් භාර අමාත්‍යාංශ සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) සමඟ එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම පළාත් පහක දිස්ත්‍රික්ක හතක රාජ්‍ය ආයතන 15ක් සමඟ ද පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, කටයුතු කිරීමට නියමිතය:

01. ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවාවන් සැපයීම, සහ

02. භාෂා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවයට සංවේදී රාජ්‍ය සේවා සහ සමාජ ඒකාබද්ධතාවය යන ක්ෂේත්‍ර වල‍ ශ්‍රී ලංකාවේ කාන්තාව සාමය හා ආරක්ෂාව (WPS) ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) ක්‍රියාත්මක කිරීම

ඇතුළත් සේවාවන්:

සියළු දෙනාට තම ප්‍රජාවන් තුළ පිළිගැනීමක් හා අයිති බවක් හැඟෙන පරිසරයක් නිර්මාණය කිරීම; මෙය සම්බන්ධතා හා අත්දැකීම් මත පදනම් වූ හැඟීමක් වේ.

සාධාරණ සේවාවන්:

විවිධ බාධක හා වරප්‍රසාද හේතුවෙන් සියළු දෙනාට එකම මට්ටමට සම්පත් නොමැති බව හඳුනා ගනිමින්, සාධාරණ සේවාවන් මගින් කිසිවෙකු අත් නොහැරෙන පරිදි ක්‍රියා පටිපාටි හා ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම තුළින් මෙම අසමතුලිතතාවන් නිවැරදි කිරීමට ඉලක්ක කරයි.

වගකිවයුතු සේවාවන්:

රජයේ ක්‍රියාවන් සඳහා රජයේ වගවීම සහ පුරවැසියන්ට එම වගවීම තහවුරු කිරීමට ඇති අයිතිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය, පැමිණිලි යාන්ත්‍රණ, සහ පුරවැසි ප්‍රඥප්ති මෙයට ඇතුළත් වේ.

කාන්තාව, සාමය හා ආරක්ෂාව අරමුදල (WPSF) සඳහා වෙනම සංකල්ප පත්‍ර කැඳවීමක් මෙම වසරේ නොවැම්බර් මාසයේදී දියත් කෙරෙන බව කරුණාවෙන් සලකන්න. එය කාන්තා අයිතිවාසිකම් සංවිධාන (WROs) සඳහා පමණක් වේ.

කාන්තා අයිතිවාසිකම් සංවිධාන / Women’s Rights Organizations (WROs): WROs තම මූලික කාර්‍රය පහත සඳහන් ක්ෂේත්‍ර වලට සම්බන්ධ ආයතන වේ. කාන්තා අයිතිවාසිකම් සුරැකීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව, කාන්තාවන්ට සහ/හෝ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හින්සනය සහ/හෝ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම. සංවිධානයේ නිල මෙහෙවර සහ දැක්ම ප්‍රකාශයන් තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය අනුගමනය කරන බවටද, කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සඳහා කැප වන බවටද, පැහැදිලි විය යුතුය.

2. IFF අරමුදල් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසකම් ඇති සංවිධාන

WordPress Table

3. හවුල්කාරිත්වයන් සහ සංවිධාන ජාල

සිවිල් සමාජ සංවිධාන වලට (CSOs) වෙනත් සිවිල් සමාජ සංවිධාන සහ/හෝ සහජීවන සංගම් (CES) සමග හවුලේ වැඩ කිරීමේ හැකියාව ඇත. සිවිල් සමාජ සංවිධාන යෝජිත ව්‍යාපෘති හරහා සහය දීමට හෝ එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන සහජීවන සංගම් තෝරා ගැනීමේදී පහත සඳහන් නිර්ණායක සැළකිල්ලට ගැනීමට කාරුණික වන්න:

සංවිධාන දෙකක් හෝ කීපයක් එකම අවස්ථාවක දී එකට අයැදුම් කරද්දී, පෙනී සිටින ප්‍රධාන හවුල්කාර සංවිධානය, ඉහත 2 වන කොටසේ විස්තර කළ ඇති සුදුසුකම් සැපිරිය යුතුය. මෙම අවස්ථාවේදී, සාමයට පියමං, ප්‍රධාන හවුල්කාර සංවිධානය සමඟ පමණක් ගිවිසුමකට එළඹෙන අතර, ලැබුණු මුදල් පිළිබඳ වගකීම ප්‍රධාන හවුල්කාර සංවිධානය සතු වේ. ප්‍රධාන හවුල්කාර සංවිධානය විසින් සිය හවුල්කාර සංවිධාන සමඟ ඇති කර ගන්නා ගිවිසුම් වල පිටපත් සාමයට පියමං වෙත ඉදිරිපත් කළ යුතු ය.

CES යනු ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යටතේ පාලනය වන ස්වේච්චාදායක, ලාභ නොලබන සංවිධාන වේ. CES හි අරමුණ වන්නේ, ආගමික, ජාතික, භාෂාමය කණ්ඩායම් අතර ජාතික ඒකාබද්ධතාවය, ඇතුළත්භාවය, සහජීවනය සහ ජාතික ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමයි.

4. යථායෝගීී ක්‍රියාවලිය (Due Diligence Process)

IFF අරමුදල යටතේ මුදල් ලබා දීමට පෙර, යථායෝගි ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සහ ආරක්ෂණ ප්‍රතිපත්ති (Safeguarding Policy) පරීක්ෂණ සමත් වීමද සිවිල් සමාජ සංවිධාන සඳහා අත්‍යවශ්‍ය වේ.

අයදුම්කරුවන් විසින් සම්පුර්‍රන කළ සංකල්ප පත්‍ර සමඟ පහත සඳහන් උපකාරක ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත:

අනිත් සියළුම පවතින යථායෝගි අවශ්‍යතා සම්පුර්‍රන කරන්නේ නම්, ආරක්ෂණ ප්‍රතිපත්තියක් (Safeguarding Policy) නොමැති සිවිල් සමාජ සංවිධාන වලට එවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ධාරිතා වර්ධන අවස්ථා සාමයට පියමං විසින් ලබා දෙනු ඇත.

5. ඉලක්කගත ප්‍රදේශ

ව්‍යාපෘතිය මගින් ඉලක්කගත දිස්ත්‍රික්ක වල සංවිධානයේ මුලස්ථානය පිහිටි කාන්තා අයිතිවාසිකම සංවිධාන වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ. ජාතික හෝ පළාත් මට්ටමේ කාන්තා අයිතිවාසිකම් සංවිධාන ව්‍යාපෘතිය මගින් ඉලක්කගත ප්‍රදේශ වල වැඩ කළ යුතු අතර එසේ කිරීමට ඔවුන්ගේ හැකියාව පෙන්නුම් කළ යුතුය.

පහත ඉලක්කගත රාජ්‍ය ආයතන සේවා සපයන ප්‍රජාවන් තුළ ව්‍යාප්ත කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

WordPress Table

6. අපේක්ෂිත ප්‍රතිඵල

සියළුම යෝජිත සංකල්ප පහත සඳහන් ප්‍රතිඵල වලින් එකක් හෝ එකකට වඩා සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කළ යුතුය. සාක්ෂාත් කර ගැනීමට උත්සහ කරන ප්‍රථිපල සංඛ්‍යාව වැඩි වූ හෙයින් එම සංකල්ප පත්‍රයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා නොදෙන බව කරුණාවෙන් සළකන්න. ව්‍යාපෘතියේ බලපෑම සළකා බලන විට, එයින් ආවරණය වන ප්‍රජාවේ සහ ප්‍රදේශයේ ප්‍රමාණයට වඩා ඉන් ඇති වන වෙනස කෙතරම් ගැඹුරෙන් සිදු වනවාද යන කරුණට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත.

WordPress Table

7. ව්‍යාපෘති කාලසීමාව හා අයවැය

යෝජිත ව්‍යාපෘතියේ සංකීර්ණත්වය, විෂය පථය සහ සිදු කළ හැකි බලපෑම මත පදනම්ව, සාමයට පියමං විසින් රුපියල් 10,000,000 දක්වා අරමුදල් සපයනු ඇත. සම අයවැයක් සහිත පෙර ව්‍යාපෘති වල උදාහරණ ඇතුළුව, මෙම පරිමාණයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අයදුම්කරුගේ හැකියාව පෙන්නුම් කළ යුතුය. අයදුම්කරුවන්ට මාස 12, 24 හෝ 36 ක කාලයන් තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

කරුණාකර පහත සඳහන් වියදම්, IFF මූල්‍ය ප්‍රදානය කළ ව්‍යාපෘති සඳහා සුදුසු නොවන බව සළකන්න:

8. සංකල්ප පත්‍ර ඇගයීම් නිර්ණායක

WordPress Table

10. කාලරාමුව

WordPress Table

අයදුම් කරන්නේ කෙසේද

සුදුසුකම් පරීක්ෂණ පෝරමය